ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) එම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහි දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, මෙම සිදුවීමේ මහමොළකරු ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව දැනෙන, හැඟෙන, පෙනෙන බව පැවසුවේය.