ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.