Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා
    Featured

    හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා

    By LFNJanuary 8, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව වාර්තා වේ.

    කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට කටයුතු කර ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    හෝමාගම පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රයෙන් මේ ආකාරයෙන් සුදු පැහැති දුමාරයක් පිටවන්නේ අද (08) අලුයම් කාලයේ සිටය.

    කර්මාන්තශාලාවේ පිහිටි භූගත ටැංකියකට සිදුවූ හානියක් හේතුවෙන් ඉන් පිටවූ වායුවක ඇතිවූ රසායනියක ප්‍රතික්‍රියාවක ප්‍රතිළුලයක් ලෙස මෙම වායුව හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    දුමාරය පැතිරීම ආරම්භ වූ පසු ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමට සුළු අපහසු තත්ත්වයක් හටගෙන තිබූ අතර ඔවුන් පොලීසිය දැනුම්වත් කර ඇත.

    එහිදී පොලීසිය ඔවුන්ට මුව ආවරණ පැලඳීමට ද උපදෙස් ලබාදී තිබේ.

    මෙම කර්මාන්තශාලාව ඉකුත් වසරේ අගෝස්තු මස 17වනදා ගිනි ගැනීමකට ලක්වූ අතර එහිදී රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාව පුරා පැතිර තිබූ අතර ඒවා යළි නිසි ක්‍රමවේදයකට බැහැර කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.

    පසුව මධ්‍යම පරිසර අධිකාරියෙන් පවසා ඇත්තේ ඒවා ඔවුන් පැමිණ නිසිඅයුරින් බැහැර කිරීම සිදුකරන තෙක් නිසි අයුරින් ගබඩා කර තබන ලෙසය.

    එහිදී කර්මාන්තශාලා සේවකයින් මෙම රසායන ද්‍රව්‍ය භූගත ටැංකිවල ගබඩා කිරීමට කටයුතු කර ඇත.

    ඉදිකිරීම් කටයුත්ත අතරතුර හානි සිදුව තිබුණේ එලෙස රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ භූගත ටැංකියකටය.

    ඉන් පිටවූ වායව ඊයේ (07) පැවති අධික වර්ෂාව අතරතුරදී වූ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකපළකරයි.

    කෙසේ වෙතත් ඔවුන් පැවසුවේ මේ වන විට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.