Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති ඉල්ලයි
    Hot News

    වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති ඉල්ලයි

    By LFNDecember 18, 2023No Comments5 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

    එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

    එසේම වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “රට බංකොළොත් වුණාට පසුව අපට කණ්ඩායම් දෙකක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණා. රටවල් ගණනාවක් අපට ණය ලබාදී තිබුණා. ණය ලබාගත් රටවල් අතර ඉන්දියාව, චීනය, ජපානය මෙන්ම පැරිස් සමළුවට අයත් සංවිධාන තිබුණා. මේ ණය පිළිබඳ සාකච්ඡාවලදි පැරිස් සමාජයට එන්න ඉන්දියාව මෙන්ම අනෙකුත් සංවිධාන එකඟ වුණත් චිනය පැමිණියේ නැහැ. චිනයත් සමඟ අප වෙනම සාකච්ඡා කළා. ලංකාවෙ වගේම ‍බංකොළොත්භාවයට පත් වූ අනෙකුත් රටවලටද මෙවැනි දුෂ්කර අවස්ථාවන්ට මුහුණු දෙන්න සිදු වුණා.

    එකපැත්තකින් ඉන්දියාව හා පැරිස් සමාජික සංවිධාන අනෙක් පැත්තෙන් චීනය. තුන්වන කණ්ඩායම තමයි පුද්ගලික අංශය. අප ලසාඩ් කණ්ඩායමේ සහාය ලබාගෙන මේ කණ්ඩායම් තුනටම කතා කළා. මේ සියල්ල සිදු කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පළමු ගිවිසුමට පැමිණියා. ඉන්දියාවට, චිනයට, පැරිස් සමාජයට පිළිගත හැකි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි පළමු ණය වාරිකය අපට ලැබුණා.

    ඇමරිකාවේ භාණ්ඩාගාර ‍ලේකම්තුමිය සමඟත් සාකච්ඡා කළා. ඊට පසුව ජපානයේ ජනාධිපති, හා අගමැති, මුදල් ඇමැති සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඉන්දියාවේ මුදල් ඇමැතිතුමිය හා අගමැතිතුමා එක්කත් සාකච්ඡා කළා. චිනයට ගිහින් ජනාධිපතිතුමා හා මුදල් ඇමැතිතුමා එකක සාකච්ඡා කළා.

    ජපානයේ ආධාර දෙන ආයතනයක් තිබෙනවා. ජයිකා ආයතනය. නමුත් චීනයේ එහෙම ආධාර දෙන සංවිධාන නැහැ. චීනයේ එක්සීම් බැංකුව සමඟ සාකච්ඡා කර ණය ලබාගෙන තිබුණා. මේ සෑම කෙනෙක් සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ලබා ගත්තා. ඉතා අසීරුවෙන් තමයි එම එකඟත්වය ලබා ගත්තේ.

    සැම්බියාව දෙස බැලුවොත් සැම්බියාව තවම එකතැන හිරවෙලා තිබෙනවා. ඔවුන්ට ණය සමාලෝචනයට එකඟත්වයක් නොමැතිවීම ප්‍රශ්නක් වෙලා තිබෙනවා.

    දැන් අපට තිබෙන්නේ ලන්ඩන් නුවරට ගොස් පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීම පමණයි. කෙසේ හෝ බංකොළොත්භාවයෙන් මුදවා ගත් නිසා අපට නැවත ණය අධාර ලබාගන්න පුළුවන්. එම නිසා අපට ඉක්මනින් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්. තවත් සංවර්ධන කටයුතු ලබන වසරේ ආරම්භ කරනවා. අප බංකොළොත්භාවය ඉවත් වුණා පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අනෙකුත් රටවල්වල ණය සම්බන්ධ එකඟතාවන් නිසා මෙම තත්ත්වයට එන්න හැකිවුණා.

    අපේ රටට ණය ගෙවිය හැකි අවම ආදායමක් තිබෙන බව පෙන්විය යුතුයි. කෙතරම් අසීරු වුවත් අප ඉදිරියට යා යුතුය කියා තීරණය කළා. පළමුවෙන්ම අපට ලබාදුන් ඉලක්කය දළ දේශිය නිෂ්පාදිතය 10.4% සුපරා ගැනීම. 2024 අපට එම ඉලක්කයට ළගා වෙන්න බැහැ. 2025, 2026 වන විට මෙම ඉලක්කය කරා යා හැකියි. ඒ නිසා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර වාද විවාද කර 2024 දළ දේශීය නිෂ්පාදිතය 9.2%ක ඉලක්කයක් බවට පත්කර ගැනීමට කටයුතු කළා. එය නැවත වෙනස් කරන්නේ නැහැ කෙසේ හෝ එම ඉලක්කය සපුරා ගන්න කියා ඔවුන් අපට දැනුම් දුන්නා.

    මම සිටින තත්ත්වයේ ඔබ සිටියානම් මොකක්ද කරන්නේ, තවත් වසරක් මෙය ඇදගෙන යනවද, නැත්නම් 2024 මෙම ඉලක්ක සපුරා ගන්නවද, මම කිව්වේ හැකිතරම් ඉක්මණින් මෙය සිදුකරනවා කියලා. 2024 මෙම ඉලක්කය සපුරා ගන්නවනම් අපේ ආදායමෙන් අපට බිලියන 534ක හිගයක් තිබෙනවා. එය තමයි විසඳාගත යුතු ප්‍රශ්නය.

    එම හිඟයට එක් හේතුවක් තමයි අස්වැසුම ව්‍යාපෘතිය. සමෘද්ධියට අප වැය කළේ බිලියන 61යි. නමුත් අස්වැසුමට බිලියන 207ක් වෙන් කර තිබෙනවා. ඒ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. එම වැටුප් වැඩි කිරීම සහ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 133ක් වෙන් කළා. මේ බිලියන 534 අවශ්‍ය නැහැ කියනවනම් අස්වැසුම සහ වැටුප් වැඩිකිරීම ඉවත් කරන්න වෙනවා. නමුත් මෙය කරන්න අවශ්‍යයි කියා අප විශ්වාස කරනවා. වසර 03ක් ප්‍රාග්ධන වියදම් නැතිව මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. එම මුදල් ලබාදීමට අපට සිදුවුණා.

    මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ එසේනම් ඔබ සිදු කළයුත්තේ බදු වැඩිකරන එක කියලා. මෙය අසිරු තත්ත්වයක්. බදු වැඩි කළොත් ජනප්‍රිය භාවය අඩු වෙනවා.නමුත් ආර්ථිකය රැකගත්තොත් අපේ බංකොළොත්භාවය නැති වෙනවා. අපට බදු ගණනාවක් වැඩි කිරීමට තිබුණා. ඉන්ධන බදු වැඩිකළොත් එය අනිත් සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. ඉන්ධන බදු වැඩකළවිට එය විදුලිබල ගාස්තුවලට එක් වූ විට ඉතා වැඩි අගයක් ගන්නවා. එසේනම් අප අවධානය යොමු කළේ වැට් බද්ධ පිළිබඳව පමණයි. 15%ක් පැවති වැට් බද්ද 18% කළා. ඒ වගේම දැනට වැට් බදු අය නොකළ ඒවට වැට් බදු අය කළා. අනිත් රටවල ඒ හැම එකකටම වැට් බදු අය කරනවා. ඒ වගේම් ඉන්දියාවේ අද වැට් බද්ද 23%ක් දක්වා ක්‍රියාත්මක වෙනවා. පකිස්ථානයේ 18%ක් වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම අපට වඩා අඩුයි.

    ඒ නිසා කැබිනට් මණ්ඩලයේ දී මම එම අසීරු තීරණය ගත්තා. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ ඊළග මැතිවරණයකදී නැවත තේරි පත්වන අය. ඒ කිසිම කෙනෙක් කැමති නැහැ බදු වැඩිකරන එකට. නමුත් වෙනත් විකල්පයක් නැති බව අපට පෙනී ගියා. ආණ්ඩුව කැපවී සිටියේ 2024 වන විට මේ රට බංකොළොත්භාවයෙන් ඉවත් කර ගැනීමට. ඒ නිසා අසීරුවෙන් හරි මේ සඳහා සියලුදෙනා එකඟ වුණා. බංකොළොත්භාවයෙන් ඉවත් වූ විට රටක් ලෙස අපට ඉදිරියට යා හැකියි.

    මේ හැර අපට මොකක්ද තිබෙන විකල්පය. එකක් තිබෙන්නේ වියදම් නොකර සිටීම. ඒක කරන්න මට බැහැ. වෙන කවුරු හරි කරනවනම් කියන්න කියලා මම කිව්වා. නමුත් වෙන කවුරුවත් කියලත් නැහැ එය කරනවා කියලා.

    සමහර විශේෂඥයෝ, දේශපාලනඥයෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරනවලු. මේක මහ බොරුවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තනි ආයතනයක් නොවෙයි. අපි රටවල් කීයකට කථා කළාද. ඒ වගේම එම රටවල්වල නායකයන් මුණ ගැසුණා. දැන් ඒ අය කියන්නේ මේක වෙනස් කළොත් අපේ රටට නැවත ණය ගෙවීමට සිදු වෙනවා කියලා. මේක වෙනස් වුණොත් නැවත අප බංකොළොත් වෙනවා. ඒකට මම නම් කැමති නැහැ. ඒ වගේම ජනතාවගෙන් ඇසිය යුතුයි නැවත බංකොළොත්භාවයට යන්න කැමතිද, නැද්ද කියලා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන එපා නම් වෙන මොකක්ද කරන්න පුළුවන් කියා මීට විරුද්ධ වන අය පැවසිය යුතුයි. කොහොමද අපි මුදල් උපයා ගන්නේ, කොහොමද බංකොළොත්භාවයෙන් මිදෙන්නේ කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. මෙය තමයි අපේ දේශපාලනයේ තිබෙන විශාලම දුර්වලකම. කිසිවෙක් වගකීම භාරගන්න සූදානම් නැහැ. කිසිවෙක් අසීරු තීරණ ගැනීමට සුදානම් නැහැ. සිත් සතුටු කිරීමට පමණයි උත්සාහ කරන්නේ. කොහෙන් මුදල් ලැබෙනවද කියලා සිතන්නේ නැහැ. ඒ නිසයි පසුගිය මැයි මාසයේ මේ වගකීම භාරගන්න කිසිවෙක් ඉදිරිපත් නොවුණේ. ඒ නිසා මේ පිළිබඳ වගකීමෙන් ක්‍රියාකරන ලෙස මම සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

    June 6, 2025

    බදු මුදල් ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක්

    June 2, 2025

    මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

    May 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,917 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250125 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.