Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට
    Local News

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    By LFNMay 3, 2026Updated:May 3, 2026No Comments2 Mins Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු ඊයේ (02) අලුයම මිය ගිය බව හැටන් පොලීසිය පවසයි.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්ඔය වත්තේ පදිංචි 65 හැවිරිදි දෙදරු පියෙකි.

    ඩයගම සිට හැටන් දක්වා මගීන් 35 දෙනෙකු රැගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති බස් රථය ප්‍රතිවිරුද්ධ දිශවෙන් ඉදිරියට ආ බස් රථයකට ඉඩ දීමට යෑමෙදි බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල අතර, එම අනතුරින් එම ස්ථානයේම එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

    තුවාලකරුවන්ගෙන් බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, දික්ඔය මුලික රෝහලේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකු පමණ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව හැටන් පොලීසිය පවසයි.

    බස් රථ අනතුරින් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රියදුරා (02) දින රෝහලෙන් බැහැර කිරීිිිිිිිිිිමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් හැටන් පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මේ අතර, අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පවසා ඇත්තේ, අනතුරට පත් බස් රථයේ කිසිදු කාර්මික දෝශයක් නොතිබුණ බවත්, රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026

    ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 202609 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.