Entertainment

පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අසපුව අගෝස්තු 31 වන විට ජනතා අයිතියට පත් කරන්න-ජනපති

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව අගෝස්තු 31 වනදා වන විට ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම අසපුවේ ඉදිකිරීම් පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ(10) පස්වරුවේ නිරත වූ ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පණ්ඩිත් අමරදේවයන් ජීවිත්ව සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය‍යේ උත්සවයේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවකට අනුව 2017 වසරේ අගෝස්තු 28 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

බත්තරමුල්ල අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120ක භූමි ප්‍රදේශයක මෙම සංගීත අසපුව ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්.

පුස්ථකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ ශබ්දාගාරයකින් මෙන්ම එළිමහන් රඟහලකින් ද මෙම සංගීත අසපුව සමන්විත වෙයි.

සමස්ත රට වැසියන්ගේම ගෞරවය සහ ආදරය දිනා ගනිමින් ජාතියේ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදුකරන ලද අනුපමේය දායකත්වය සිහිගන්වමින් එතුමාගේ සංගීත නිර්මාණ සහ සංගීත සම්ප්‍රදාය අනාගත පරපුර වෙත දායද කිරීමේ අරමුණින් මෙය ඉදිකෙරෙයි.

More from Entertainment

චිත්‍රා වාකිෂ්ටත් සමුගනියි

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය. සිනමාව හා රූපවාහිනිය හරහා සිය රංගන ප්‍රතිභාව ඉදිරිපත් කළ චිත්‍රා වාකිෂ්ට මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට අද (31දා) අභාවප්‍රාප්ත … read more

නයිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළිය නීටා

ප‍්‍රංශයේදී නයිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ භාෂා චිත‍්‍රපට අංශය යටතේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු මහත්මිය සමත් වූවාය. විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘පාංශු’ චිත‍්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිව ඇත. එම … read more

අප්‍රේල් 5 “ජාතික සිනමා දිනය“ වෙයි

අප්‍රේල් මස 5 වන දින ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කර තිබේ. 1980 අංක 45 දරන පනතින් සංශෝධිත, 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික … read more

ලක්‍ෂ්මන් හේවාවිතාරණගේ නිහඬ ගීතය 5දා ගම්පොළදී

සුභාවිත ගීත කලාව වෙනුවෙන් ජනපි‍්‍රයම ගීත රැුසක් ගායනා කළ ලක්‍ෂ්මන් හේවාවිතාරණ ප‍්‍රවීණ ගායනවේදියාගේ නිහඬ ගීතය ඒකපුද්ගල ගී ප‍්‍රසංගයේ තවත් දැක්මක් අපේ‍්‍රල් මස 5 වැනිදා සවස 6.30ට ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන සුබසාධක … read more

මැතිවරණ උණුසුම මැද මෝදිගේ සිනමා කෘතියේ පූර්ව පටය මාධ්‍යට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත වෘතාන්තය අළලා නිෂ්පාදනය කෙරුණු සිනමා කෘතියක පූර්ව ප්‍රචාරක පටය මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබරෝයි එහි ප්‍රධාන චරිතය නිරෑපණය කරයි. 2014 වසරේදී භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත් කරදෙමින් අගමැති ධුරයට පත්වනතුරු අගමැති … read more

14 වෙනි ඔසාකා සම්මාන උළෙලේ යශුකි මුතු සම්මානය නිල්මිණි සිගේරාට

4 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත. අසන්ධිම්ත්තා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන නිල්මිණි සිගේරා 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය වෙනුවෙන් පිදෙන යශුකි මුතු සම්මානය … read more

චන්දන ලියනාරච්චිගේ හිතේ කෙටූ ටැටූ

ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි “හිතේ කෙටූ ටැටූ” නමින් සජීවී ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. හිතේ කෙටූ ටැටූ ප්‍රසංගය එළැඹෙන මාර්තු 02දා සවස 6.30ට අම්පාර නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සංගීතය සපයනු ලබන්නේ Black Lions සංගීත කණ්ඩායමයි. read more

වැරැද්ද ඔප්පු වෙනකම් චෝදනා කරන්න එපා – ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලයි

ඩුබායි හිදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට කලාකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වන තෙක් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් ප්‍රකාශ කර සිටියා. මෙම වැරැද්දට හසු වුන … read more

‘සුජාතා‍’ ප්‍රදර්ශනයට එරෙහිව අතුරු නියෝගයක්

සුජාතා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත‍්‍රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ සිනමා සමාගමකට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර්.මරිකාර් මහතා ඊයේ (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන පෙබරවාරි 8 වැනිදා බලපැවැත්වෙන පරිදි නිකුත් … read more