Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    July 2, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක
    Featured

    ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක

    By LFNDecember 16, 2023No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

    හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්වා දී ඇත.

    ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ, ඊයේ (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා, එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන හෝර්ටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

    වනෝද්‍යානය ආශ්‍රිත ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහි දී විමසා බැලූ අතර, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

    අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී තිබෙන මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    July 2, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    July 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 20250121 Views

    පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ…

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    July 2, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    July 2, 2025

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.