Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට දිවුලපොතාන ගම්මු හූ කියා පන්නයි…… vedio
    Featured

    ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට දිවුලපොතාන ගම්මු හූ කියා පන්නයි…… vedio

    By LFNDecember 15, 2023No Comments2 Mins Read34 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර කළ ගම්මු හූ කියා මන්ත්‍රීවරයා පළවා හැරියේය.

    මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ.
    මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි.

    ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීන් චෝදනා කළහ.
    වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරන්නේ සෑහෙන දවස සිටය.

    යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන් හේන්වගාව නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු කීහ.

    නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් දේශපාලකයින් පිරිසක් කටයුතු කරන බවද 1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගොස් නැවත සිය බිම් කරා පැමිණියේ 2009 වසරේ බවද ඔවුහු කීහ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-14.35.56_ce289e40.mp4
    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-14.35.55_b8cf1c6d.mp4
    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-2.35.57-PM.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 202602 Views

    යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන…

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.