Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරු 40,000ක් අඩුවෙයි
    Featured

    ගුරුවරු 40,000ක් අඩුවෙයි

    By LFNDecember 5, 2023No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පාසල්වල අධ්‍යාපනය මට්ටම අඩාළ වීමේ අවදානමක් මතුව ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රජයේ පාසල් වල රාජකාරි කරන උපාධිධාරී සංවර්ධන නිලධාරින් සිටියදී විභාග පවත්වා ගුරු පුරප්පාඩු පිරවීමට පලාත් අධ්‍යාපන අමාත්‍යංශය කීපයක් ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක් කරමින් පලාත් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ පාලනය වන පාසැල් වල ඉගැන්වීම් කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම පෙත්සම් 06 ක් ඊයේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියේය.

    මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කඳවනු ලැබීය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ පාසල් වල සේවය කරන සංවර්ධන නිලධාරින් සිටියදී ඔවුන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය නොකොට පිටස්තර බඳවා ගැනීම් සිදු කිරීම තුළින් පෙත්සම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවය.

    මීට ඉහත ද උපාධිධාරී සංවර්ධන නිලධාරීන් සම්මුඛ පරීක්ෂණ හා විභාග වලින් තොරව ගුරු සේවයට ඇතුළත් කරගෙන තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

    දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එවා නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 202602 Views

    යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය…

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.