Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කරයි
    Featured

    ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කරයි

    By LFNDecember 3, 2023No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ.

    ජනාධිපති කාර්යාලය විසින් එම වැඩසටහන ආරම්භ කර ඇති අතර රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අංශය මෙය ක්‍රියාවට නංවා ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනා ජනාධිපති කාර්යාලයට කැඳවා බදු ලිපිගොනු සකස් කිරීම මෙහිදී සිදුවෙයි.

    මේ වනවිට මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ බදු ලිපිගොනු විවෘත කර ඇති බව වාර්තා වෙයි.

    දෙසැම්බර් මස 01 වනදාට පෙර‍ එම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස දැනුම්දී ඇතත් පවතින විවිධ ගැටළු හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

    කෙසේවෙතත් දැනට බදු ලිපිගොනු පවත්වාගෙන යන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන්ට පවතින ගැටලු ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගෙන ඇති බවද සඳහන්ය.

    ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බවද මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිරියේදී බදු ලිපිගොනු විවෘත කිරීමට ද නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202604 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.