Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙරම් ප්‍රනාන්දුට නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා කළ ප්‍රකාශය
    Featured

    ජෙරම් ප්‍රනාන්දුට නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා කළ ප්‍රකාශය

    By LFNDecember 2, 2023No Comments4 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහු ඊයේ (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කළැයි චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදේශගත ව සිට පසුගිය 29 වැනිදා යළි දිවයිනට පැමිණි අතර, අධිකරණ නියෝගය ප්‍රකාර ව ඔහු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලදි.

    එහි දී දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    ඒ අනුව අත්අඩංගුවට ගත් දේවගැතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද දහවල් ඉදිරිපත් කෙරිණි.

    කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව ඊයේ කැඳවුණු අතර, ඊට කරුණු දැක්වීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා ඇතුළු උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ද පැමිණ සිටීම විශේෂත්වයකි.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නීති අංශයේ ස්ථානාධිපතිවරයා පළමුව අධිකරණයට කරුණු දක්වා ඇත.

    ”ස්වාමීනි, සැකකාර ජෙරම් ප්‍රනාන්දු, දේවගැතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කළ දේශනයක් හරහා ආන්දෝලාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. එසේම සැකකරු පවත්වාගෙන යන බෝන්අගේන් කියන සභාව කතෝලික සභාවේ ලියාපදිංචිවෙලා නෑ. ඔහුගේ දේශනා තුළින් සෑම ආගමික ලබ්ධිකයෙක්ම කලබල වෙලා තියෙනවා. මේක සංහිදියාවට බාධාවක්. සැකකරු සම්බන්ධ වෙලා හිටපු ආයතනයට විශාල මුදලක් විදේශවලින් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලැබිලා තියෙනවා. ඒ ගැන ජාත්‍යන්තර පොලිස් සහාය ලබාගනිමින් විමර්ශන කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

    පසු ව ඔහු ඉල්ලා සිටියේ, සැකකරු එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හරහා එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

    සැකකාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ , එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැරදි කළ බවට කරුණු දැක්වුවත් ඔහු දේශනාව සිදු කළේ බෝන්අගේන් යන දේව සභාව අතරතුර දී බවයි.

    සිය සේවාදායකයා දිවයිනට පැමිණිය හොත් අත්අඩංගුවට ගන්නා බැවින් විදේශගත වී සිටි බවත් ඔහුට විදේශවල දේව මෙහෙයන් පැවැත්වීමට තිබූ බැවින් ලංකාවට නොපැමිණි බවත් ඔහු සඳහන් කර ඇත.

    ”ස්වාමීනි, 2023-04-29 දින පැවැත්වූ දේව මෙහෙයේ දී කළ දේශනයේ එක වචනයක් වත් බුදුන් වහන්සේට, බුදු දහමට, ඉස්ලාම් දහමට, හින්දු දහමට නිගා වන ආකාරයට සිදු කළේ නැහැ. මේක ජාතින් වාර්ගික හෝ ආගමික වෛරයක් ඇති වන ලෙස පෙළඹවීමක් කරලා නැහැ. එහෙත් ආගමික අප්‍රසන්තතාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් කිසිවෙකු ගේ සිත්රිදවීමක් කළ පමණින් එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරිය නොහැකියි. ඒ අනුව සැකකරුට ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන්න ”යනුවෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

    අනතුරු ව යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නීති අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    ”ස්වාමීනි, සැකකාර ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ප්‍රකාශය ඔවුන් පිළිගැනීම ගැන පළමුව ස්තුතිවන්ත වෙනවා.
    ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා සැකකරු එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැරදි කරලා තියෙනවා කියලා”

    දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකරු අන්තර්ජාලය මගින් ජාතීන් අතර සංහිඳියාවට බාධා වන ප්‍රකාශ සිදු කළ බවත් වෙනත් ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳහෙළීමට ප්‍රකාශ කළ බවත් පෙනී යන බවයි.

    “ලක් ඉතිහාසයේ ජාතීන් අතර ගැටුම් ඇති වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. වර්තමානයේත් විටින් විට කරුණු වාර්තා වෙනවා. සැකකරු සතිපතා මෙවැනි දේශන කරන බවට පිළිඅරගෙන තියෙනවා. ඒ අනුව ඔහු ගේ අනුගාමිකයන්ට බලපෑමක් කරනවා. සැකකරු ගේ ප්‍රකාශ තුළින් අන් ආගම් අතර වෛරීත්වයක් ඇති විය හැකි බවට ගම්‍ය වනවා. මොහු ගේ දේශනා කරන කොට අනුගාමිකයින් ඔල්වරසන් දෙමින් ඉහළ ප්‍රතිචාර ලබා දී තිබෙනවා. සැකකරු ගේ ප්‍රකාශ දහම් දැනුම ලබාදීමට ඔබ්බෙන් ගිය වෛරී ප්‍රකාශන බව පෙනී යනවා. ප්‍රකාශනයේ නිදහස යනු, අනිත් අයට අපහාස කිරීමට දෙන නිදහස නොවෙයි. සැකකරු කළ ප්‍රකාශය ICCPR පනත යටතේ වරදක් බව පෙනී යනවා” යනුවෙන් විනිසුරුවරයා අවධාරණය කර ඇත.

    ”සැකකරු මෙම ප්‍රකාශය කරන්නේ පසුගිය අප්‍රේල් 30 වැනිදා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරන්න කලින් ඔහු විදෙස්ගත වෙලා. සැකකරු ගේ ප්‍රකාශය පුළුල් ව සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒ තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති වුණු බව පැහැදිලියි. එම තත්ත්වය දැනගත් නිසා සැකකරු රටින් පිට වුණා කියලා අධිකරණයට සැකයක් මතු වෙනවා. නීතියට ඉහළින් කිසිවෙක් නැහැ. පරීක්ෂණ අවසන් නැති නිසාත් ICCPR පනතේ 3/1 වගන්තිය යටතේ ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන නිසාත් මොහුට ඇප ලබා දුන්නොත් ඒක නීතියේ ආධිපත්‍යයට පහරක් වෙනවා. ඒ නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා”

    ඒ අනුව සැකකාර දේවගැති ජෙරම් ප්‍රනාන්දු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    තීන්දුව ලබාදීමෙන් පසු, ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගේ අනුගාමිකයින් පිරිසක් අධිකරණයට ද පැමිණ තිබිණි.

    රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා බන්ධනාගාරය වෙත රැගෙන යාම සඳහා බස් රථය වෙත නංවාගත් පසු ඔහු පිටත් වුණේ, ශුද්ධ වූ බයිබලය ද අතැතිවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.