Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩයනා ගේ මන්ත්‍රී ධුරය බල රහිත වෙයි ද?
    Featured

    ඩයනා ගේ මන්ත්‍රී ධුරය බල රහිත වෙයි ද?

    By LFNNovember 30, 2023No Comments1 Min Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහි ව ඉදිරිපත් වූ අභියාචනා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

    සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සම ඊයේ (29) කැදවූ අවස්ථාවේ දී එය සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කර ඇත.

    ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

    ඒ අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ව ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202605 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.