Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ලේ සංජීව සිදුකළ අපරාධ ගැන හෙළිකරයි
    Featured

    ගණේමුල්ලේ සංජීව සිදුකළ අපරාධ ගැන හෙළිකරයි

    By LFNNovember 24, 2023No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන තිබේ.

    සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය සැප්තැම්බර් මස 13 වනදා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

    අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගෙන තිබුණි.

    ඒ අනුව ගණේමුල්ල සංජීවගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

    එම ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම් 8ක් ද ඇතුළත් වෙයි.

    එමෙන්ම ගණේමුල්ල සංජීවගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 18 දෙනෙකුද ඔහු නීතිවිරෝධී අයුරින් විදෙස්ගත කර තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබේ.

    තවදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව අපරාධ සිද්ධි 9ක් සඳහා භාවිත කළ විවිධ වර්ගයේ ගිනි අවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර සැකකරුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහුට අයත් බැංකු ගිණුම්, දේපළ හෝ වාහන පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණ කරගැනීමට මෙතෙක් පොලිසීයට හැකිවී නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.