Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති
    Featured

    එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති

    By LFNNovember 16, 2023No Comments4 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    එමෙන්ම එය නොසලකා හැරීමේ ද හැකියාවක් නොමැති බැවින් එම තත්වයට මුහුණ දීමට රට සුදානම් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

    රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

    නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ තුන්ගුණයකින් වැඩිකිරීමට රජය පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුබිම සකස් කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන ඇස්තමේන්තු බාහිර සාධක මත වෙනස් විය හැකියි. මක්නිසාදයත් වර්තමානයේ ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය පවා ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේ සියළු රටවල්වලට බලපානවා. ලෝක බලවතුන් එකතු වී ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ද ඒ නිසයි. මැදපෙරදිග සිදුවන දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් කළ හැකියි.

    පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත් කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකියි.

    මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කර ගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම පෞද්ගලිකකරණය මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. අක්කර මිලියන දෙකක පමණ ප්‍රමාණයක් බලපත්‍ර ලාභී ඉඩම් හිමියන් බවට පත් කරනවා.

    ඒ වගේම හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරිමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

    විශේෂයෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් ද මෙම අයවැයට ඇතුළත් වෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා පවතින අවස්ථාවන් හඳුනාගෙන ඇති අතර, සංචාරකයින් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    නිෂ්පාදනයේ තරගකාරිත්වයේ අවශ්‍යතාවය පිළිගනිමින් ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ යුරෝපා සංගමය (EU) සමඟ සම්බන්ධවීම වෙනුවෙන් ද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා. බංගලාදේශය සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමඟ තරග කිරීමේ අභියෝග හඳුනා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් සකස් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුයි.

    එහිදී පෞද්ගලික අංශය සඳහා පෞද්ගලික නව විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. දේශගුණික විපර්යාස සඳහා නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ප්‍රධාන වරාය සහ විභව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් කලාපීය සේවා සැපයුම් සඳහා ඇති හැකියාව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. 2030-2035 වන විට නවීන ආර්ථිකයක් කරා ළඟා වීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙවරය අයවැය මඟින් අප ඉලක්ක කර තිබෙනවා.

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශය, විදේශ ආධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතුයි. එවැනි කැපවීමකින් තොරව රජය පමණක් සිදු කළ හැකි කාර්ය භාරය සීමාසහිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202503 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.