Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
    Featured

    ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    By LFNNovember 15, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) කෝප් කමිටුවේදී හෙළි කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය.

    එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය.

    ‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    මේ අතර රුපියල් 150,000ක වැටුපකට සේවාව ලබාදෙන ලෙස ඉල්ලා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කළේය.

    ක්‍රිකට් ආයතනය එහිදී පවසා සිටියේ එම ඉල්ලීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් යොමුකරමින් එලෙස ඉල්ලීමක් කිරීමම අතිශය දෝෂ සහිත ක්‍රියාවක් බවය.

    එහිදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් ක්‍රීඩකයින් වෙත කොපමණ මුදලක් ගෙවීම් සිදුකරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේය.

    මෙයට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සියලුම ක්‍රීඩකයින් සඳහා සියයට 25ක මුදලක් ගෙවන බවය.

    පාසල් ක්‍රීඩා, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින් ඇතුළුව සියයට 60ක මුදලක් ක්‍රීඩාවේ දියුණුව සඳහා ගෙවීම් සිදුකරන බවද එහිදී ක්‍රිකට් ආයතනය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,563 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250119 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.