Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විසර්ජන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
    Hot News

    විසර්ජන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    By LFNNovember 13, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කළාය.

    2024 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි.

    පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 5,334කි.

    ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1,225ක් ලෙස සඳහන් ය.

    විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දින 07ක් පැවැත්වෙනු ඇත.

    දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා පැවැත් වේ.

    අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

    ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා පස්වරු 06.00ට පැවැත් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.