Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ක්‍රිකට් තහනම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICCයෙන් ඉල්ලලා
    Hot News

    ක්‍රිකට් තහනම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICCයෙන් ඉල්ලලා

    By LFNNovember 11, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි.

    මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරු ව මෙම තීරණය ගෙන තිබේ.

    එම කවුසිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේ දී ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    අනතුරු ව නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගත යුතු අනෙකුත් තීරණ ගැන සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

    මෙම ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි.

    මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    එමෙන්ම ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත අයිසීසී රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිත බව තවදුරටත් වාර්තා වේ.

    ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ 2014 – 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පිළිගෙන ඇති බවයි.

    2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩ ව තරග පරාජය වීමත් සමඟ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා ගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේය.

    කෙසේ වෙතත් ඊට එරෙහි ව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අභියාචනා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගැනීමත් සමඟ අතුරු පාලක මණ්ඩලය දින 14කට අත්හිටුවමින් අතුරු තහනමක් අභියාචනා අධිකරණය මඟින් පැනවිණි.

    අනතුරු ව මේ පිළිබඳ පාර්ලිමේතුව තුළ දැඩි කතා බහක් මතු වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන විවාදයක් සිදු කර ඒකාබද්ධ යොජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට පියවර ගත්තේය.

    මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 14 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමට ද තීරණය කර තිබේ.

    මෙවන් පසුබිමක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202603 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.