Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ක්‍රිකට් තහනම් වුණොත් ඇමතිගෙන් විකල්පයක්
    Hot News

    ක්‍රිකට් තහනම් වුණොත් ඇමතිගෙන් විකල්පයක්

    By LFNNovember 10, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය.

    කෙසේවෙතත් මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද පැවසීය.

    “තහනමක් තව එන්නේ නෑ. මේ අය අති විශේෂ බලයක් දාලා කෙරොත් මිසක්, ලංකාවේ අය මේක පාවා දුන්නොත් ඇරෙන්න මේකට තහනමක් එන්නේ නෑ. බැරිවෙලා හරි මම දැක්කා ඇමතිවරයෙකුත් ඍණාත්මකව කතා කළා මේක තහනම් වුණොත් කියලා. මොකද්ද අපි කරන්නේ ? එහෙම නම් අපිට තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයාට මාස 6ක් හරි 8ක් හරි මේක භාරදීලා හදලා, අපි නිලවරණයකට ගිහින් මේ පනත සම්මත කරගෙන ඊළඟ තරගවලට යන්. එකඟත්වය ලබාදෙන්න ඉස්සරහට යන්න. ඒ අනුව මම සඳුදා දිනයේ අභියාචනාධිකරණයට යනවා. එතැනින් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දුෂිත රැළ ඉවත් කරන්න. ඒ ක්‍රියාමාර්ග ටික නොකඩවා ගන්නවා. මට තවදුරටත් නීතිපතිවරයාගේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නෑ. ඒ වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෝ අල්ලනවා. මොකද දිගින් දිගටම කරඇරියා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.