Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලන නායකයින්ට ඇති කැමැත්ත ගැන හෙළිදරව්වක්
    Featured

    දේශපාලන නායකයින්ට ඇති කැමැත්ත ගැන හෙළිදරව්වක්

    By LFNNovember 6, 2023No Comments2 Mins Read367 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ජනබලවේගයේ නායකත්වයට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, එම සමීක්ෂණයට අනුව වත්මන් රාජ්‍ය පාලනයට සියයට 17ක ජනතා කැමැත්තක්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 29ක ජනතා කැමැත්තක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා කැමැත්ත සියයට 8ක් දක්වා පහළ ගොස් ඇති බවය.

    මහර ප්‍ර දේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

    “අපිට කිව්වේ 3% කණ්ඩායම කියලානේ. ඔය මොනවා කරත් 3%ට වඩා ගන්න බෑ. රැස්වීම්වල සෙනඟ ඉන්නවා, ඒත් වැඩක් නෑ ඡන්දේ දෙන්නේ නෑ… එහෙම කිය කිය හිටියානේ. ඒගොල්ලෝ 3%යි කියලා අපිට උසුළු විසුළු කළා හැබැයි දැන් බොහෝම පැහැදිලිව ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම තැනක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ එකතු කරලා ඒ අයගෙන් සමීක්ෂණයක් කළොත්, කරපු සමීක්ෂණවලිනුත් ඔප්පුවෙලා තියෙනවා කොහොමද ජාතික ජනබලවේගයට කැමැත්ත කියලා. ඊයේ පෙරේදා නිකුත් වුණ වාර්තාවේ තියෙන්නේ පොහොට්ටුවට 8%යි. සජිත් ප්‍රේමදාසට 29%යි. රනිල් වික්‍රමසිංහට 17%යි. ජාතික ජනබලවේගයේ අනුර දිසානායකට 46%යි.”

    කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසකි.

    “අද ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිට විරුද්ධව වචනයක්වත් කියනවා ද ? නෑ. මට මතකයි කියනවා රතු අලි කියලා. ඒ ගොල්ලෝ තමා මේ රට බංකොළොත් වෙන්න වැඩියෙන්ම වැඩ කරපු අය. අද සල්ලි වැඩියෙන්ම තියෙන්නේ ජෙවිපෙට. ඉස්සර කැට එකතු කළේ. දැන් රැස්වීමට ලක්ෂ 100ක් විතර වියදම් කරලා කුරුණෑගල රැස්වීමට නුවරිනුත් සෙනඟ ගේනවා. ජනතා විමුක්ති පෙරමුණට පරණ නම තියාගෙන එළියට එන්න බෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,016 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 202505 Views

    කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති…

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.