Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ කරනවා
    Featured

    ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ කරනවා

    By LFNNovember 6, 2023No Comments3 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩ ව සහ ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් භාණ්ඩාගාරයෙන් එයින්50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවත් පැවසීය.

    එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200 ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් බව ද අමාත්‍යවරයා, පෙන්වා දුන්නේය. එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත,් ඉදිරියේ දී නිලධාරීන් 707 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

    නවක විදුහල්පති පත්වීම් ලබන මෙම විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග මීට වසර කිහිපයකට පෙර විදුහල්පතිවරුන් මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඩිජිටල් තාක්ෂණය සමග අනාගතයට මුහුණ දෙන දරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ව හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් පාසල සූදානම් කිරීමට මෙම විදුහල්පතිවරුන් සමත් විය යුතු බවත් නුදුරේදී ම ඔවුන් වෙනුවෙන් ලබාදෙන පුහුණුවේ දී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට පුහුණුකරුවන් වෙත තමා උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ 1AB සහ 1C පාසල් සියල්ල ම ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඊට ගැළපෙන පරිදි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදෙන බවත්, කලට වේලාවට ක්‍රමවත්ව විභාග පවත්වමින් පාසල කෙරෙහි දරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකි සියලු පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

    විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙවර අමාත්‍යධූරය භාරගන්නා මොහොත වන විට පෙළපොත් බෙදා දීම, නිල ඇඳුම් බෙදා දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අභියෝග පැවති බව ද මේ වන විට ඒවාට විසඳුම් ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පාසල් දිවා ආහාර වේල සියලු ම ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව පැවසීය. පාසල් සංවර්ධන සමිති ගාස්තුව 50% කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරක් මේ දිනවල සමාජගත ව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි තීරණයක් කිසිසේත්ම ලබා දී නොමැති බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, කොළඹ දිස්ත්‍රික් ලේකම්, ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද කලාප සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202603 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.