Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ කරනවා
    Featured

    ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ලම සම්පූර්ණ කරනවා

    By LFNNovember 6, 2023No Comments3 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩ ව සහ ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් භාණ්ඩාගාරයෙන් එයින්50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවත් පැවසීය.

    එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200 ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් බව ද අමාත්‍යවරයා, පෙන්වා දුන්නේය. එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත,් ඉදිරියේ දී නිලධාරීන් 707 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

    නවක විදුහල්පති පත්වීම් ලබන මෙම විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග මීට වසර කිහිපයකට පෙර විදුහල්පතිවරුන් මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඩිජිටල් තාක්ෂණය සමග අනාගතයට මුහුණ දෙන දරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ව හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් පාසල සූදානම් කිරීමට මෙම විදුහල්පතිවරුන් සමත් විය යුතු බවත් නුදුරේදී ම ඔවුන් වෙනුවෙන් ලබාදෙන පුහුණුවේ දී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට පුහුණුකරුවන් වෙත තමා උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ 1AB සහ 1C පාසල් සියල්ල ම ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඊට ගැළපෙන පරිදි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදෙන බවත්, කලට වේලාවට ක්‍රමවත්ව විභාග පවත්වමින් පාසල කෙරෙහි දරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකි සියලු පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

    විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙවර අමාත්‍යධූරය භාරගන්නා මොහොත වන විට පෙළපොත් බෙදා දීම, නිල ඇඳුම් බෙදා දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අභියෝග පැවති බව ද මේ වන විට ඒවාට විසඳුම් ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පාසල් දිවා ආහාර වේල සියලු ම ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව පැවසීය. පාසල් සංවර්ධන සමිති ගාස්තුව 50% කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරක් මේ දිනවල සමාජගත ව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි තීරණයක් කිසිසේත්ම ලබා දී නොමැති බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, කොළඹ දිස්ත්‍රික් ලේකම්, ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද කලාප සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 202504 Views

    යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන්…

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.