මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ලෙස ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණේ, ගාල්ල නගර ශාලාවේ දී ය.
ඒ, එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගේ ප්‍රධානත්වයෙනි.
සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
සමුළුවෙන් පසු දිලිත් ජයවීර මහතා පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.