Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
    Featured

    ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    By LFNNovember 1, 2023No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීස්වර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.

    “අත්තනගලු ඔයේ දරා ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇති වු වැසි තත්ත්වය නිසා විශේෂයෙන්ම අත්තනගලු ඔය ඉහළ ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇළ, වත්තල ඇතුළු අත්තනගලු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බව සඳහන් කර යුතුයි. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිතා කිරීමේදී ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම මාර්ග භාවිතා කරන රියදුරු මහත්වරු සහ ඒ වගේම රථ වාහන මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය තවදුරටත් අද දිනය තුළ සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

    එමෙන්ම නිල්වලා ගඟ අවට පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර අවදානමක් පවතින බව එස්.පී.සී සුගීස්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    “ඒ වගේම නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල විශේෂයෙන් අකුරැස්ස, මාලිම්බඩ, මාතර, තිහගොඩ වැනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ ජල මට්ටම නැවත සුළු වශයෙන් වර්ධනය වෙමින් පවතින නිසා නැවත ගංවතුරේ බලපැම් යම් යම් ස්ථානවල වර්ධනය වීමේ හැකියාව පවතින නිසා එම ප්‍රදේශවල පදිංචි ජනතාවත්, ඒ වගේම එම ප්‍රදේශ හරහා විශේෂයෙන්ම අතුරු මාර්ග භාවිතා කරන රියදුරුන් සහ මගීන් අවධානයෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළ යුතුයි. ඒ වගේම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ විශේෂයෙන්ම බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල වැනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලත් කුඩා ගඟ දෙපස පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට පවතිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.