Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පඩි වැඩි කරන්න බදු වැඩි කරන්න වෙයි – බන්දුල
    Featured

    පඩි වැඩි කරන්න බදු වැඩි කරන්න වෙයි – බන්දුල

    By LFNOctober 31, 2023No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළේය.

    ඔහු මේ බව සඳහන් කළේ අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

    තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මේ අතර 2022 වසරේදී මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු ආදායම රුපියල් බිලියන 1,751කි.

    ඉන් 2022 වසරේ රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් බිලියන 956ක් වැය වී ඇති බව අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    විශ්‍රාම වැටුප් සඳහා බිලියන 309ක්, සමෘද්ධිය ඇතුළු සහනාධාර සඳහා බිලියන 506ක් වැය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමට හැකිවී ඇත්තේ මෙම වියදම් පමණක් බවද ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් සඳහන් කරයි.

    ඉතිහාසය පුරාම මෙම තත්ත්වය පියවාගෙන ඇත්තේ ණය ගැනීමෙන් සහ මුදල් මුද්‍රණය කිරීමෙන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    රට පුරා කඩාවැටීමට ආසන්න සහ දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින පාලම් 30ක් පමණ හඳුනාගෙන ඇති බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

    “එවැනි පාලම් හඳුනගෙන දැනට යම් යම් ප්‍රතිකර්ම කරමින් තියාගෙන ඉන්නවා. අනතුරුදායක පාලම් විතරක් හදන්න ඉතා විශාල මුදලක් යනවා. ලංකාව පුරාම ඉතාම අබලන් වෙච්ච මහමාර්ග රැසක් තිබෙනවා. ඒවටත් යොදවන්න තිබෙන්නේ මේ ආදායම. තවමත් බිලියන 2,000කට වඩා ආදායමක් උපයා ගන්න බැරිවෙලා තියෙනවා ලංකා ආණ්ඩුවට. ඒ නිසා මංමාවත්, පාලම් වැනි යටිතල පහසුකම් සඳහා මුදල් කොහෙන්ද?”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.