යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊ දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම කෙටුම්පත ඉදිරිපත් කළ බවය.
ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරේ.
අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.