Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනක රත්නායකට මරණ තරජනය කළ සිද්ධියේ සුලමුල එළියට
    Featured

    ජනක රත්නායකට මරණ තරජනය කළ සිද්ධියේ සුලමුල එළියට

    By LFNOctober 30, 2023No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    පොලීසිය පැවසුවේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමින් පෙනී සිටිමින් මෙම කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.

    මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතාට පසුගිය මස 16 වැනිදා පෙරවරු 07.10ත් 09ත් අතර කාලයේ දී පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි.

    දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා තමා ව හඳුන්වා දී තිබුණේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ලෙසටයි.

    ජනක රත්නායක මහතා ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත් එලෙස සිදු නොකිරීමට නම්, රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා දෙන ලෙසටත් ඔහු රත්නායක මහතාට පවසා තිබිණි.

    අනතුරු ව ජනක රත්නායක මහතා ඔවුන් ඉල්ලා සිටි කප්පම් මුදල සිය කාර්යාලයේ සේවකයෙකු මඟින් කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ලබා දී ඇති අතර, ඒ අනුව මුදල ලබාගත් කප්පම්කරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයට ගොඩවන ආකාරය ද සීසීටීවී කැමරාවල සටහන් ව තිබිණි.

    පසු ව ඔවුන් තවත් රුපියල් ලක්ෂ හයක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ ජනක රත්නායක මහතා කිරුළපන පොලීසියට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණි.

    පොලිස්පතිවරයා ගේ නියමයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැවරුණු අතර, මූලික විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනෙක් පෙරේදා පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ රඹුක්කන ප්‍රදේශයේ දී ය.

    එලෙස අත්අඩංගුවට ගැනුණේ, කප්පම්කරුවන් පැමිණි කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථයේ රියදුරු සහ අපරාධකරුවන්ට නේවාසික පහසුකම් ලබා දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

    අවුරුදු 24, 26 සහ 31 යන වයස්වල පසු වන ඔවුන් තිදෙනා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබේ.

    පොලීසිය පවසන්නේ, ඔවුන් තවත් පිරිසක් සමඟ එක් ව ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ගේ නම් පවසා, කප්පම් ගැනීමේ ජාවාරමක කලක සිට නිරත ව ඇති බවයි.

    ඔවුන් විසින් එලෙස ලබාගන්නා කප්පම් මුදල් බැර කරවාගැනීම සඳහා භාවිත කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් එම බැංකුව අදාළ ගිණුම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් ඔවුන් කප්පම් මුදල් තම අතට ලබා ගෙන ඇති බවත් අනාවරණ වී ඇත.

    සැකකරුවන් ඊයේ අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    කල්ලියේ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.