ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.
අද (28) උදෑසන දේහය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ළඟා වු බව වාර්තාවේ.
මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන් වේ.
ඊශ්රායල ජාතික කාන්තාවක් රැකබලාගනිමින් සිටි අනුලා රත්නායක මහත්මිය පසුගිය 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්රායලයේ සිදුකළ ප්රහාරය අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබුණි.
හමාස් ප්රහාරය අතරතුර ඇය අදාළ ඊශ්රායල ජාතික කාන්තාවගේ දිවිබේරා ගැනීමට කටයුතු කර තිබු බව වාර්තා වේ.