Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාත්‍ය රොෂාන් රණසිංහ ගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල‍යට ලිපියක්
    Featured

    අමාත්‍ය රොෂාන් රණසිංහ ගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල‍යට ලිපියක්

    By LFNOctober 28, 2023No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි පිටපතක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි ව ඇති ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොර ව පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ලිපියෙන් අවධාරණය කරයි.

    එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පිළිවෙත අනුව සාමාජික රටවල පාලක මණ්ඩලත් දූෂණය පිටුදැකීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා යොමු කළ ලිපියේ සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.