Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පිටකොටුවේ ගින්නට හේතුව හෙළි වේ
    Hot News

    පිටකොටුවේ ගින්නට හේතුව හෙළි වේ

    By LFNOctober 28, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ඊයේ (27) පෙරවරු 09.30ට පමණ ගින්නක් හටගෙන තිබිණි.

    රෙදිපිළි අලෙවිසලක් මෙලෙස ගිනිගැනීමට ලක් ව තිබූ අතර, වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

    පසු ව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගෙන තිබිණි.

    ඒ, ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය ඇතිවයි.

    ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ද පියවර ගෙන තිබිණි.

    පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

    පැය දෙකකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය.

    කෙසේ වෙතත් අලෙවියට තබා තිබූ සාරි ඇතුළු රෙදිපිළිවලට සහ ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු ව තිබුණු බව වාර්තා වේ.

    ඊයේ පස්වරුව වන විට ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නට හේතුව අනාවරණ කරගැනීමට පොලිසියට හැකි වී තිබේ.

    පොලිසිය පැවසුවේ, ඊයේ උදෑසන වෙළෙඳසල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202603 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.