විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්”, අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාට මරණ තර්ජන සිදුකර තිබේ.
ඒ පසුගියදා අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී මන්නා රමේෂ්ගේ සමීපතමයෙකු වූ මහේෂ් ධනංජය නැමැත්තා මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.
එහිදී මන්නා රමේෂ් නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇත්තේ ” උඹ දැනගනින් උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ එකාව. උඹයි, උඹේ ළමයයි මේකට වන්දි ගෙවන්න ලෑස්තිවෙලා ඉඳපං. උඹලා දෙන්නාවම වෙඩි තියලා මරනවා ” යනුවෙනි.
මන්නා රමේෂ්ගේ පතාල ක්‍රියාකාරකම්වල නිරත 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් ඒ මහතා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.