ගලහ දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසු ව අතුරුදන් ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි දෙල්තොට ලිට්වැලි නිවාසවල පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
එම සිසුවා අද පාසල නිමවී සිය නිවස වෙත එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇත.
එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිය පාසලේ පැවති අමතර පන්තියකට සහභාගී වීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී ඇළ මාර්ගයකින් එතෙරවීමට සකස් කර තිබූ කුඩා පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ඒ මොහොතේ සැඩ පහර වැඩිවී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.