පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ‘බැට්න් එක’ ප්රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති අපේක්ෂයා කවුරුන්ද යන්න ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි පාක්ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවයි.
ඒ අනුව ආසන බලමණ්ඩල සාකච්ඡාවලදී ඒ පිළිබඳ තීරණ ගැනීමට නියමිත බවත්, එසේම ජනාධිපති ධුර අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවට ධම්මික පෙරේරා මහතා ප්රකාශ කිරීම තුළින් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි ස්ථාවරභාවය පිළිඹිබු වන බවත් හෙතෙම පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (10දා) පැවති රැස්වීමකින් අනතුරුවය.