පක්ෂ සාමාජිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ධම්මික පෙරේරා මහතාගේ ඇති කැමැත්ත සහ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ක්‍රියාදාමය යන්න කරුණු 02ක් වන බව එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට වසරකට පෙර විවිධ පිරිස් ඒ සඳහා නම් ප්‍රකාශ කළද ජයග්‍රහණය කළ හැකි අපේක්ෂයකු පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන බවට ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (09දා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනි.
කෙසේ වුවද ධම්මික පෙරේරා මහතා විසින් පක්ෂයට විරුද්ධව මත පළකිරීමක් සිදුකර නොමැති බවට පෙනී යන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.