Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්
    Featured

    ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්

    By LFNOctober 10, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.

    ඊ (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

    මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

    ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    මේ අතර සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය යළිත් තහවුරු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි කරමින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකින බව ද ප්‍රකාශ කළේය.

    ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් විවේචන එල්ල වුව ද මෙවැනි ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 20250113 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ…

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.