Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්
    Featured

    වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

    By LFNOctober 8, 2023No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

    සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳිමට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොර ව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදු වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර වර්තමානයේ රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් ව ඉදිරියට ගමන් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

    මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    එම විද්‍යාලයේ සිසුන් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ගායනා කළ අතර, ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ජාතික ගීයෙන් ප්‍රකාශ වන්නේ, අප සියලු දෙනා එක මවක ගේ දරුවෝ බවත් එබැවින් එය සිංහල භාෂාවෙන් ගායනා කළත් දමිළ භාෂාවෙන් ගායනා කළත් ගැටලුවක් නොවන බවත්ය.

    අද අවශ්‍ යව ඇත්තේ, සියලු දෙනා එකට එක් ව එක ම ජාතියක් ලෙස ඉදිරියට යාම වන අතර, බෙදී වෙන් වී එකිනෙතා හා සටන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස පහතට ඇද වැටුණු බවත් දේශපාලනික වශයෙන් ඇති බෙදීම ශ්‍රී ලංකාව ඉතා අසීරුතාවකට පත්කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    රටේ ප්‍රශ්න රට තුළම විසඳා ගත යුතු අතර, ඒ සඳහා ජාත්‍යන්තරයට යා යුතු බව තමා විශ්වාස නොකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.