Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්
    Featured

    වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

    By LFNOctober 8, 2023No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

    සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳිමට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොර ව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදු වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර වර්තමානයේ රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් ව ඉදිරියට ගමන් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

    මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    එම විද්‍යාලයේ සිසුන් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ගායනා කළ අතර, ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ජාතික ගීයෙන් ප්‍රකාශ වන්නේ, අප සියලු දෙනා එක මවක ගේ දරුවෝ බවත් එබැවින් එය සිංහල භාෂාවෙන් ගායනා කළත් දමිළ භාෂාවෙන් ගායනා කළත් ගැටලුවක් නොවන බවත්ය.

    අද අවශ්‍ යව ඇත්තේ, සියලු දෙනා එකට එක් ව එක ම ජාතියක් ලෙස ඉදිරියට යාම වන අතර, බෙදී වෙන් වී එකිනෙතා හා සටන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස පහතට ඇද වැටුණු බවත් දේශපාලනික වශයෙන් ඇති බෙදීම ශ්‍රී ලංකාව ඉතා අසීරුතාවකට පත්කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    රටේ ප්‍රශ්න රට තුළම විසඳා ගත යුතු අතර, ඒ සඳහා ජාත්‍යන්තරයට යා යුතු බව තමා විශ්වාස නොකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,353 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,283 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 20250114 Views

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ…

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.