Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයේ වෙඩික්කරුවා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    පාතාලයේ වෙඩික්කරුවා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNOctober 8, 2023No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පසුගිය අගෝස්තු මස 25 වනදා තලංගමදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    ඒ අනුව, පොලීසිය හඳුනාගෙන තිබුණේ සුපුන් ආකාශ් හෙවත් “කොට සුපුන්” නැමැත්තෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    අනතුරුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණේ කොට සුපුන් ඇතුළු කණ්ඩායමක් වග දුම්රිය ස්ථානය පසුපස පිහිටි ඉඩම් කැබලිකර විකුණන ස්ථානයක තවත් අපරාධයක් සඳහා සූදානම් වන බවටය.

    ඉන්පසුව කොට සුපුන් විදෙස්ගතවීමට සූදානම්ව සිටින බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි.

    ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 30දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) අලුයම 3.30ට පමණ ගොස් ඇති බව පොලීසිය පැවසීය.

    එම අවස්ථාවේදී කණ්ඩායම් තුනක් අදාළ ස්ථානයට රහසිගතව ළඟාවනවාත් සමගම එහි සිටි පුද්ගලයෙකු විමර්ශන නිලධාරීන් වෙතට වෙඩිතබා තිබේ.

    අනතුරුව එම ස්ථානයේ සිටි තවත් අයෙක් එස්.ටී.එෆ් නිලධාරීන් දෙසට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබමින් එම ස්ථානයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    පසුව විමර්ශන නිලධාරීන් සිදුකළ සොයාබැලීමේදී “කොට සුපුන්” නැමැත්තා ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සමග පපුවට වෙඩි වැදී බිම වැටී සිට තිබේ.

    එම අවස්ථාවේදීම ඔහුව රෝහල වෙත රැගෙන ගියත් ඔහු එහිදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ඔහු යුද හමුදා කමන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර පසුගිය අප්‍රේල් මාසයේදී ඉන් පළා ආ අයෙකි.

    එමෙන්ම ඔහු ලඩියා හා ගඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතමයෙකු බව පොලීසිය පැවසීය.

    මියගිය පුද්ගලයා රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී එහි වූ බෑගයක් තුළ තිබී අත්බෝම්බයක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විසින් සොයාගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.