අරගලය පැවති සමයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එම හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ඡ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මේ බව සඳහන් කර සිටියේය.
මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝඳාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.
ඡ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේ අරගලය පැවති සමයේ රටේ නීතියේ ආධිපත්‍ය හා ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ බවයි.