Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීතා ඇතින්නට යකඩ මූණිස්සම් යොදා වෙඩි තැබූ බවට චෝදනාවක්
    Featured

    සීතා ඇතින්නට යකඩ මූණිස්සම් යොදා වෙඩි තැබූ බවට චෝදනාවක්

    By LFNOctober 2, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහරගම සීතා ඇතින්නට යකඩ මූණිස්සම් භාවිත කරමින් වෙඩි තබා ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බව ඇතින්නගේ භාරකරු පවසයි.

    ඔහු චෝදනා කරන්නේ ඇතින්නගේ ප්‍රතිකාර සඳහා ද වගකිවයුතු රාජ්‍ය ආයතන නිසි මැදිහත්වීමක් සිදුනොකරන බවය.

    මේ අතර සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇත.

    මහියංගනය රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහරට එක්වීමෙන් පසුව මහවැලි ගඟ අසබඩ විහාර භූමියේ ගැට ගසා සිටි මහරගම සීතා ඇතින්නට සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් රබර් උණ්ඩ මගින් වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (30) අලුයම් කාලයේදීය.

    මහියංගන පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් සහභාගිවන බැවින් විහාර භූමියට එන වන අලි පලවා හැරීම සඳහා විහාරාධිපති හිමියන් සිදුකළ ඉල්ලීමක් මත එහි රාජකාරි සඳහා කැඳවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

    පසුව ඔහු පවසා තිබුණේ වන අලියෙකු බවට රැවටී වෙඩි තැබීම සිදුකළ බවය.

    වෙඩි තැබීමෙන් ඇතින්නගේ පපු පදෙසට තුවාල සිදුව තිබූ අතර, වෙඩි තැබීම සිදුකළ සිවිල් ආරක්ෂක බළකා සෙබළා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

    මහරගම සීතා ඇතින්න මෙරට හීලෑ අලි ඇතුන් අතර දළ යුගළක් හිමි ඉතා දුර්ලභ ගණයේ ඇතින්නකි.

    චිත්‍රපට කිහිපයක් සඳහා ද සීතා රංගන දායකත්වය ලබා දී තිබේ.

    වෙඩි වැදීමට ලක්වූ සීතා ඇතින්න බැලීමට මේවන විට ප්‍රදේශවාසින් රැසක් පැමිණෙමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.