Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඒක අපිට අලුත් දෙයක් නෙමෙයි – ජනපති
    Hot News

    ඒක අපිට අලුත් දෙයක් නෙමෙයි – ජනපති

    By LFNSeptember 29, 2023No Comments2 Mins Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් සහ චීනය අතර මෙන්ම අමෙරිකාව සහ චීනය අතරත් යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනපති ජර්මනියේ බර්ලින් ග්ලෝබල් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදුකරමින් තවදුරටත් සඳහන් කළේ, එක් තීරයක් එක් මාවතක් වැඩසටහන සමග ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීම හේතුවෙන් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවය.

    කෙසේවුවද ශ්‍රී ලංකාව වැනි රටවල් අමෙරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමග කටයුතු කිරීමට පුරුදුවී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

    එහිදී නව තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නොමැති බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා නව තත්ත්වයන්ට ගැලපෙන සාකච්ඡා නොවන අතර එය තවදුරටත් පෙර පැවති පැරණි සාකච්ඡා ක්‍රමය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම් ඉදිරි වසර කිහිපය තුළ අපට සියයට 3.5ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    පවතින අභියෝග ජය ගැනීමේදී ගෝලීය වශයෙන් පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා අලුත් සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.