Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»උද්ධමනය පහළට
    Business

    උද්ධමනය පහළට

    By LFNSeptember 28, 2023No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) නිකුත් කර ඇත.

    ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබේ.

    ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි.

    අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසයි.

    මේ අතර, 2023 වසරේ ගතවූ මස 07 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි එම සමාගම පවසයි.

    මේ බව හෙළිකෙරුණේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ය.

    මේ අතර, රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගේ පොලී රඳවා ගැනීම නිසා ඇති වූ ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මේ අතර බස්, ලොරි රථ ඇතුළු රථ වාහන ආනයනය සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය හිටිහැටියේ බල රහිත වී ඇති බවත් ඒ නිසා තමන් දැඩි දුෂ්කරතාවට ලක් ව ඇති බවත් ශ්‍රී ලංකා රථ වාහන ආනයනකරුවන් ගේ සංගමය නිවේදනය කර ඇත.

    මේ අතර, ලීසීං ණය වාරික ගෙවන්නන් ගේ සංගමය, කල්බදු මූල්‍යකරණ පනත සංශෝධන කිරීම පිළිබඳ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අද ඉදිරිපත් කර ඇත.

    එහි දී ඔවුන් චෝදනා කළේ, බැංකු පොලී අඩු කරන ලෙස මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.