Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංජා සහ කසිප්පු ගැන පවතින මතය පිළිබඳ ඩයනා ගෙන් ප්‍රකාශයක්
    Featured

    ගංජා සහ කසිප්පු ගැන පවතින මතය පිළිබඳ ඩයනා ගෙන් ප්‍රකාශයක්

    By LFNSeptember 28, 2023No Comments3 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කර තිබේ.

    සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතු බව ද ඇය සඳහන් කරයි.

    මෙරටට පැමිණෙන සංචාරකයන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදු වන අපහසුතා වළක්වා ගැනීමට විශේෂ කුලී රථ සංගම් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරිය අවධාරණය කර ඇත.

    සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එසේම අමාත්‍යවරිය පැවසුවේ, ගංජා සහ කසිප්පුවල ඇති වටිනාකම මිනිසුන්ට නොතේරෙන බවයි.

    එසේම, රුසියාවට වොඩ්කා මෙන් ජපානයට සකේ මෙන් කසිප්පු ද ප්‍රමිතියකට අනුව පලතුරු භාවිතයෙන් නිෂ්පාදනය කරනවා නම්, ඒවා අපනයනයෙන් ඩොලර් උපයා ගත හැකි බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය,

    ”ජාත්‍යන්තර සංචාරක දිනය ඊයේ (27) යෙදී තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය වශයෙන් ජාත්‍යන්තර සංචාරක දිනය ඉතා චාම් ලෙස සැමරීමට පියවර ගත්තා. අප රටේ සිටින ප්‍රවීනම සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාට ‘ජය ශ්‍රී ලංකා’ නමින් සුවිශේෂී සම්මානයක් සංචාරක දිනයට සමගාමීව ලබාදීමට ද අප කටයුතු කළා.

    මම හිතන්නේ එය ඉතාමත්ම වටිනා සම්මානයක්. මොකද එතුමා පහළ තැනක සිට, අනතුරුව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී තනතුර දක්වා පැමිණීම සුවිශේෂී සිදුවීමක්. සංචාරක කේෂ්ත්‍රයට සූපවේදීන් අමතක කරන්න බැහැ. අප රටේ සූපවේදී කියන වෘත්තිය නොසලකා හැර තිබෙනවා. මේ නිසා ඉදිරියේදී සූපවේදීන් ඇගයීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍යාංශය ලෙස කටයුතු කරනවා.

    පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස නවය තුළ පමණක් විදේශීකයන් ලක්ෂ 10ක් පමණ ‍අප රටට පැමිණ තිබෙනවා. මෙම වසර අවසන් වන විට විදේශිකයන් ලක්ෂ 15ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

    යුරෝපයේ සීත සෘතුව තව මාස දෙකක් ගත වන විට ආරම්භ වෙනවා. ඒ අනුව සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ වස‍‍රේ මෙම අවසන් මාස දෙක තුළයි. එංගලන්තය මෙන්ම යුරෝපා රටවලින් විශාල වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යයි.

    මීට අමතරව මැද පෙරදිග රටවල්වල සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබෙනවා. ලබන මාසය වන විට මැද පෙරදිග රටවල්වල සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් වෙනුවෙන් ද විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට අමාත්‍යාංශය ලෙස පියවර ගනිමින් සිටිනවා.

    සංචාරකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප ලබාදිය යුතුයි. විශේෂයෙන්ම ඇල්ල, නුවරඑළිය, ගාල්ල, කොළඹ වැනි සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී කාලයේ ද සංචාරකයන්ට නිදහසේ ගත කිරීමට ඉඩප්‍රස්ථා ලබාදිය යුතුයි. ඒ වගේම සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි.

    එසේම දැනට ඇති ඇතැම් නීතිරීති ද ලිහිල් කළ යුතුයි. සංචාරකයන්ට මෙහි පැමිණ මුදල් වියදම් කිරීමට අවස්ථා තිබිය යුතුයි. ඔවුන්ට අවස්ථා නොමැති නම් රටට ආදායම් ලැබීමට ද අවස්ථාවක් නැහැ.

    ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අප සැමගේ වගකීමක් වෙනවා. වැරදි කරන කිහිප දෙනකු නිසා එහි බලපෑම සමස්ත රටටම එල්ල වෙනවා.

    ඒනිසා සංචාරකයන්ගෙන් අසාධාරණ සහ අයථා ලෙස මුදල් අය කර ගන්නා දේශීය වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. විදෙස් සංචාරකයෙක් යළිත් වතාවක් මෙරටට පැමිණෙන ආකාරයට කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා.

    එසේම ඔවුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ කුළී රථ සංගම් පිහිටුවිය යුතුයි. මෙවැනි ක්‍රියාමාර්ග හරහා සංචාරකයාගේ ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවන් ද නතර කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අමාත්‍යාංශයක් ලෙස විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

    මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

    මේ වැඩපිළිවෙළ රුපියල් උපයන ව්‍යාපෘතියක් බවට පත් නොවී, ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත් කරනවා. මේ සඳහා අධිකාරියක් ඇති කරමින් නියාමනයක් සහිතව ආයෝජන ප්‍රවර්ධන කලාප යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.