ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
හෙට රාත්‍රියේ ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වන අතර එහිදී ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිතය.
කියුබානු සහ අමෙරිකානු සංචාර නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ලබන අඟහරුවාදා පැවැත්වීමට ද නියමිතව තිබේ.