Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්
    Featured

    ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

    By LFNSeptember 24, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ලබන 26 වැනි දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වනු ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලෙස ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

    එම සාකච්ඡාවෙන් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත ව ඇති බව වාර්තා වේ.

    මේ අතර, ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවා අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    අදාළ ණය මුදලේ අවසන් වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහ පොලිය ලෙස ඩොලර් මිලියන 4යි දශම 5ක් පසුගියදා බංග්ලාදේශය වෙත ගෙවා ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ පැවති ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය 2021 වර්ෂයේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක මෙම ණය මුදල බංග්ලාදේශයෙන් ලබාගත් අතර, එය වාරික 03කින් ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,934 Views
    Don't Miss

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 20250115 Views

    මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය…

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.