මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටළුවට විසඳුමක් ලෙස නව බැංකුව ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඛනිජ සම්පත් අගය එකතු කළ නිෂ්පාදන වලට ඉහල වටිනාකමක් දිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ භූමිය ආරක්ෂා කරගනිමින් එම සියලු කටයුතු ක්‍රියාවට නැංවීම අපේක්ෂා කරන බවද කියා සිටියේය.