Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අවිස්සාවේල්ලේ වෙඩිතැබීමක් – 2ක් මරුට
    Hot News

    අවිස්සාවේල්ලේ වෙඩිතැබීමක් – 2ක් මරුට

    By LFNSeptember 21, 2023No Comments1 Min Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇතැයි 119 ලද පණිවුඩයක් ලැබුණු බවය.

    ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

    එහිදී සිද්ධියෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරුවන් වයස අවුරුදු 42 ක් හා 43ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

    වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.