එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (8) තීරණය කළේ ය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊ පස්වරුවේ රැස් විය.
පක්ෂය සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.