Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති කියුබාවේ රාජ්‍ය නායක සමුළුව අමතයි
    Featured

    ජනපති කියුබාවේ රාජ්‍ය නායක සමුළුව අමතයි

    By LFNSeptember 8, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය.

    “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.

    “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් (Miguel Diaz-Canel) මහතාගේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි.

    මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය

    “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායම වේ. එය දක්ෂිණ රටවලට ඔවුන්ගේ සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අවකාශය සලසන බව ජනාධිපති කාර්යාලය පවසයි.

    මෙම සමුළුවේ දී විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි වැඩිදියුණු කරන ලද සහයෝගීතාවයක් ගොඩනැඟීම සඳහා දක්ෂිණ රටවලට ප්‍රතිසංස්කරණ සහ නව ප්‍රවේශයන් පිළිබඳ මාර්ගෝපදේශ සපයනු ලබන ‘හවානා ප්‍රකාශය’ ද රාජ්‍ය නායකයන් විසින් සම්මත කර ගැනීමට නියමිත ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.