Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 2025

    වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

    October 22, 2025

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

    October 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක්
    Featured

    දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක්

    By LFNSeptember 8, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (7) ලිපියකට අත්සන් තැබූහ.

    හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.
    මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

    මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 202506 Views

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට…

    වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

    October 22, 2025

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

    October 22, 2025

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.