Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැවත පක්ෂයට ගන්න මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසියක්
    Featured

    නැවත පක්ෂයට ගන්න මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසියක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (06) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණි.

    දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි.

    මේ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළේය.

    පක්ෂ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් ඔහුට ඒ පිළිබඳ දැනුම් දී තිබුණි.

    එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් අද පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    මේ අතර අද දහවල් පක්ෂ මුලස්ථානයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මහ ලේකම් තනතුර නොමැතිව වෙනත් ඕනෑම තනතුරක් වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතාව පක්ෂයට භාරගැනීමට සුදානම් බවය.

    “අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.