Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැවත පක්ෂයට ගන්න මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසියක්
    Featured

    නැවත පක්ෂයට ගන්න මෛත්‍රීගෙන් දයාසිරි ට කොන්දේසියක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (06) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණි.

    දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි.

    මේ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළේය.

    පක්ෂ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් ඔහුට ඒ පිළිබඳ දැනුම් දී තිබුණි.

    එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් අද පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    මේ අතර අද දහවල් පක්ෂ මුලස්ථානයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මහ ලේකම් තනතුර නොමැතිව වෙනත් ඕනෑම තනතුරක් වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතාව පක්ෂයට භාරගැනීමට සුදානම් බවය.

    “අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 20250122 Views

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන…

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.