Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ මැඩලීම සඳහා නව දත්ත පද්ධතියක්
    Featured

    අපරාධ මැඩලීම සඳහා නව දත්ත පද්ධතියක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අවධාරණය කරයි.

    ‘සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පොලිසියේ කාර්යභාරය’ මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

    ”පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මේ රටේ වෙච්ච හැම සංවිධානාත්මක අපරාධයකම, ඒවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ගෙම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක අවශ්‍යතාව අපට පෙනී ගියා. අපිට දත්ත පද්ධතියක් තියෙනවා. නමුත් එහි අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම නිසා තමයි ඒවට සම්බන්ධ පුද්ගලයින්ට පොලීසියේ පරිපාලනයෙන් එහෙම නැත්තං පොලීසියේ අධිකාරියෙන් මිදිලා රටේ තැං තැංවල සැඟවිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස තුන ඇතුළත අංග සම්පූර්ණ ඩේටා බේස් එකක්. මේ අයගේ ඥාතීන්, මේ අය නවාතැන්ගන්න ස්ථාන සියලු සුළමුල ඇතුළත්. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගෙන තියනවා දැං. කවු ද මේ රටේ පහුගිය අවුරුදු 10 තුළ සංවිධානාත්මක අපරාධ වැඩ කරපු සංවිධානාත්මක අපරාධකරුවෝ, ඒ අයගෙන් කවු ද ව්‍යාජ පාස්පෝට් හදාගෙන රට ගිහිල්ලා තියෙන්නේ. ඒ සෑම කෙනෙක් සම්බන්ධවම ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඒ අයව ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. පහුගිය අවුරුදු පහ තුළ මේ රටේ සිද්ධ වෙච්ච සංවිධානාත්මක අපරාධවලින් නොවිසඳුණු තත්ත්වයේ ඒවා විශේෂයෙන් බස්නාහිර පළාත සහ දකුණු පළාත. හැම එකක් සම්බන්ධයෙන්ම යළි ඉන්වෙස්ටිගේෂන් එහෙමත් නැත්තං විමර්ශන පටං ගත්තා. අපි අඳුරගෙන තියනවා බන්ධනාගාරගතව ඉන්න දැනට අපරාධ මෙහෙයවන පුද්ගලයො කවුද කියලා. මේ අයට ප්‍රිසන් එක ඇතුළෙ ඉඳලා ඉවර වෙලා හෑන්ඩ් ෆෝන් එකෙං අපරාධ මෙහෙයවන්න තියන අවකාශය මුළුමනින්ම නැතිකරන්න ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා’

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202603 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.