Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තුවට ඩොලර් මිලියන 300ක්
    Featured

    පාර්ලිමේන්තුවට ඩොලර් මිලියන 300ක්

    By LFNSeptember 5, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා අතර හමුවක් සිදුව තිබේ.

    පසුගිය 01 වනදා පාර්ලිමේන්තුවේ දී එම හමුව සිදුව ඇත.

    මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

    ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුබපැතුම් පිරිනැමුවේය.

    එසේම, මෙම කටයුතු ඉදිරියට සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතඥතාව පළ කළේය.

    තවද, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය, සාමය ගොඩනැගීමේ කටයුතු සහ දේශපාලනයේ කාන්තා නියෝජනය යන කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරන ලදී.

    දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගෙන යන වැඩපිළිවෙළ සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් ඇතුළත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 20250121 Views

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර…

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025

    ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.